2026 දෙවන පාසල් වාරයේ අවසානය සහ තෙවන වාරයේ ඇරඹුම
July 23, 2026 08:21 pm
2026 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය හෙට (24) අවසන්වනව බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ, තෙවන පාසල් වාරයේ පළමු වන අදියර එළැඹෙන සඳුදා (27) ආරම්භ වන බවය.
මේ අතර මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය ජූලි 31 වැනිදා අවසන් වන බවත්, තෙවන පාසල් වාරයේ පළමු වන අදියර අගෝස්තු 3වැනිදා ආරම්භ වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
